ඉඩාලියා නිසා ෆ්ලොරිඩාවේ ප්‍රාන්ත 67න් 28කම ජනතාව ඉවත් කිරීමේ නියෝග යටතට

ඉඩාලියා නිසා ෆ්ලොරිඩාවේ ප්‍රාන්ත 67න් 28කම ජනතාව ඉවත් කිරීමේ නියෝග යටතට

ඉඩාලියා සුළි කුණාටුව ෆ්ලොරිඩාව දෙසට හමා යමින් පවතින අතර එය දැඩි ව්‍යසනකාරී තත්ත්වයක් ඇති කරනු ඇති බවට කාලගුණ විද්‍යාඥයින් අනතුරු අඟවා තිබෙනවා

ෆ්ලොරිඩා ආණ්ඩුකාර Ron DeSantis ජනතාවට අනතුරු අඟවා ඇත්තේ අනාරක්ෂිත ස්ථානවලින් ඉවත්විය යුතු බවයි

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් ෆ්ලොරිඩාවේ හදිසි තත්ත්වයක් අනුමත කර තිබෙන බවද සඳහන්.

ඉඩාලියා කුණාටුව තවමත් වෙරළට සැතපුම් 100කට වඩා දුරින් පිහිටියද, නිරිතදිග ෆ්ලොරිඩා වෙරළ තීරයේ විශාල ප්‍රදේශයකට වර්ෂාව ඇද හැලෙන බවයි පැවසෙන්නේ.

වෙරළ ආසන්නයේ සිටින ජනතාවට සහ ජංගම නිවාසවල වෙසෙන අයට ඉවත්ව යන ලෙසට දන්වා ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා

ඉඩාලියා සුළි කුණාටුව අපේක්ෂාවෙන් ෆ්ලොරිඩාවේ සමහර උද්‍යාන වසා දමා ඇති බවද සඳහන්

ෆ්ලොරිඩාවේ ප්‍රාන්ත 67 න් 28 කම ජනතාව ඉවත් කිරීමේ නියෝග යටතේ පවතින බවද විදෙස් මාධ්‍ය පවසනවා

 

Share This