
ඉන්දියානු සංක්‍රමණිකයන් රැගත් අමෙරිකානු හමුදා යානය පන්ජාබයට
ඉන්දියානු සංක්‍රමණිකයන් සියයකට අධික සංඛ්‍යාවක් පිටුවහල් කරන එක්සත් ජනපද හමුදා ගුවන් යානයක් ඉන්දියාවට පැමිණ තිබෙනවා.
ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ පිහිටි ශ්‍රී ගුරු රාම්දාස් ජි ගුවන් තොටුපළ වෙත එම ගුවන් යානය ගොඩබස්වා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
අමෙරිකාවේ සිටින නීතිවිරෝධී සංක්‍රමණිකයින් පිටුවහල් කිරීම සඳහා ට්‍රම්ප් පරිපාලනය විසින් ගත් තීරණයත් සමග රටක් වෙත අමෙරිකාවෙන් පිටුවහල් කළ සංක්‍රමණිකයින් රැගත් ගුවන් යානයක් ගොඩබැස්වූ පළමු අවස්ථාව ලෙස මෙය සැලකෙනවා.
මෙලෙස පිටුවහල් කරනු ලැබූ සංක්‍රමණිකයින්ගෙන් 48 දෙනෙකු වයස අවුරුදු 25 ට අඩු අය වන අතර කුඩා ළමුන් 12 දෙනෙකු සහ කාන්තාවන් 25 දෙනෙකු වන බව සඳහන්.
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ලබන සතියේදී අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවීමටයි නියමිතව ඇත්තේ.