ඉන්දියාව කම්පනයට පත් වේ – දිල්ලියේ පිපිරුමකින් 13 ක් මරුට

ඉන්දියාව කම්පනයට පත් වේ – දිල්ලියේ පිපිරුමකින් 13 ක් මරුට

දිල්ලියේ රතු කොටුව අසල පිපිරීමකින් 13 දෙනෙකු මිය ගොස් ඇතැයි එරට මාධ්‍ය පවසනවා.

මෙම මෝටර් රථය පුපුරා ඇත්තේ මාර්ග සංඥා පුවරුවක් අසලදීයි.

ජම්මු සහ කාශ්මීර පොලිසිය හර්යානා ප්‍රාන්තයේ ෆරිදාබාද් හි නේවාසික ගොඩනැගිලි දෙකකින් පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 3,000 කට ආසන්න ප්‍රමාණයක් සොයා ගැනීමෙන් පැය කිහිපයකට පසු දැවැන්ත දිල්ලි පිපිරීමක් සිදුවීම විශේෂයි.

ලාල් කිලා මෙට්‍රෝ දුම්රිය ස්ථානයේ 1 වන ගේට්ටුවෙන් පිටත වාහනය පුපුරා ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය පවසනවා.

පිපිරුමේ තීව්‍රතාවය කෙතරම්ද යත් අසල වාහන ද ගිනි ගත් බව එරට මාධ්‍ය වාර්තා කළා.

දොරවල් පුපුරා ගිය වෑන් රථයක් සහ සම්පූර්ණයෙන්ම කැඩී ගිය මෝටර් රථයක් බිහිසුණු දර්ශනවලින් පෙන්නුම් කළ අතර, කම්පනයට පත් ඇසින් දුටු සාක්ෂිකරුවන් NDTV වෙත පවසා තිබුණේ මාර්ගයේ වැටී ඇති සිරුරු කොටස් පිළිඹඳවයි.

දිල්ලි පොලිස් කොමසාරිස් සතිෂ් ගොල්චා වාර්තාකරුවන්ට පැවසා තිබුණේ, “අද සවස 6.52 ට මාර්ග සංඥා එළිය අසල සෙමින් ගමන් කළ වාහනයක් නතර වී එම වාහනයේ පිපිරීමක් සිදු වූ බවයි.

පිපිරීම හේතුවෙන් අසල වාහනවලට ද හානි සිදුව ඇති අතර ඇතැමුන් මිය ගොස් තවත් පිරිසක් තුවාල ලබා තිබෙනවා.

සියලුම රාජ්‍ය ආරක්ෂක ආයතන දැඩි සීරුවෙන් සිටින අතර, ඉන්දු-නේපාල දේශසීමාවේ ආරක්ෂාව ද තර කර තිබෙනවා.

 

Share This