ඉන්දියාව පළමුවෙන් පන්දුවට පහර දෙයි

ඉන්දියාව පළමුවෙන් පන්දුවට පහර දෙයි

ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි සිව් දෙනාගේ වටයේ අද (10) පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට පාකිස්ථාන කණ්ඩායම සමත් වුණා

ඒ අනුව ඔවුන් පළමුවෙන් පන්දුවට පහර දීමට ඉන්දියාවට ආරාධනා කළා

මේ වන විට පන්දුවට පහර දෙන ඉන්දීය කණ්ඩායම පන්දුවාර 9 යි පන්දු 04 ක් අවසානයේ කිසිවෙකු නොදැවී ලකුණු 61 ක් ලබා සිටිනවා

මේ අතර, ආසියානු කුසලානයේ සියලු තරගවල තොරතුරු සිත FM හරහා සජීව සවන්දීමේ හැකියාව පවතිනවා.

ඒ අනුව තරගාවලියේ තොරතුරු පන්දුවෙන් පන්දුවට දැනගැනීම සඳහා 88.6න් හෝ 88.8න් සිත Fm නාලිකාවට සවන්දිය හැකි අතර sithafm.lk හරහා අන්තර්ජාලය ඔස්සේ ද සවන්දිය හැකියි.

Share This