ඉන්දියාව විරෝධය දැක්වූ නව සිතියම ගැන චීනය අදහස් දක්වයි

ඉන්දියාව විරෝධය දැක්වූ නව සිතියම ගැන චීනය අදහස් දක්වයි

ඉන්දියානු භූමියට හිමිකම් කියන නව සිතියම සම්බන්ධයෙන් චීනය අදහස් දක්වා තිබෙනවා

ඊසානදිග අරුණාචල් ප්‍රදේශ් ප්‍රාන්තය සහ මතභේදයට තුඩු දී ඇති අක්සායි චින් සානුව චීනයට අයත් භූමියක් ලෙසින් දැක්වෙන එම සිතියම බීජිං විසින් නිකුත් කිරීමෙන් පසු ඉන්දියාව විරෝධය පළ කරනු ලැබුවා

බීජිං ප්‍රතිචාර දක්වමින් සඳහන් කර ඇත්තේ මෙම ප්‍රශ්නය අර්ථකථනය කිරීමෙන් වැළකිය යුතු බවත් සන්සුන්ව සිටින ලෙසත් යනුවෙනුයි

මේ අතර, චීන ජනාධිපති ෂී ජින්පින් දිල්ලියේ දී ලබන සතියේ පැවැත්වීමට නියමිත G20 නායකයින්ගේ සාකච්ඡා මඟ හැරීමට ඉඩ ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා

සිතියමට විරුද්ධ වන එකම රට ඉන්දියාව පමණක් නොවන බවත් පිලිපීනය සහ මැලේසියාව සිතියමේ දකුණු චීන මුහුදේ වැඩි කොටසක අයිතිය චීනයට ප්‍රකාශ කිරීමට එරෙහිව විරෝධතා නිකුත් කර ඇති බවත් විදෙස් මාධ්‍ය පවසනවා

 

Share This