ඉන්දියාවෙන් පළමු වරට HMPV වෛරස ආසාදිතයෙකු හමුවෙයි

ඉන්දියාවෙන් පළමු වරට HMPV වෛරස ආසාදිතයෙකු හමුවෙයි

චීනයෙන් ව්‍යාප්ත වෙමින් පවතින HMPV වෛරසයේ ආසාදිතයෙකු පළමුවරට ඉන්දියාවෙන් වාර්තා වී තිබෙනවා.

මාස 08ක් වයසැති බිළිඳෙකුට මෙලෙස ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එම දරුවාට අදාළ වෛරසය ආසාදනය වූ ආකාරය සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නැහැ.

HMPV වෛරසය සෙම්ප්‍රතිශ්‍යාවට සමාන රෝග ලක්ෂණ පෙන්නුම් කරවන්නක් වන අතර එය කුඩා ළමුන්, 65 ට වැඩි වැඩිහිටියන් සහ දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති පුද්ගලයින්ට බරපතල රෝගාබාධ ඇති කරවීමේ අවදානමක් එම වෛරසය සතුව පවතින බවටයි සෞඛ්‍ය අංශ පෙන්වා දී ඇත්තේ.

Share This