ඉන්දියාවේ අනතුරකින් ළමුන් ඇතුළු 13 දෙනෙකු මරුට

ඉන්දියාවේ අනතුරකින් ළමුන් ඇතුළු 13 දෙනෙකු මරුට

ඉන්දියාවේ රායිපූර් හිදී සිදුවූ රිය අනතුරකින් 13 දෙනෙකු මියගොස් තවත් 11 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ට්‍රේලරයක් සහ ට්‍රක් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මියගිය අය අතර ළමුන් සිව් දෙනෙකු සහ කාන්තාවන් 9 දෙනෙකු වන බව සඳහන්.

අනතුරින් තුවාල ලැබූවන් කඩිනමින් රෝහල්ගත කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා.

Share This