ඉන්දියාවේ ආරාධනයක් පාකිස්ථානය පිළි ගනී

ඉන්දියාවේ ආරාධනයක් පාකිස්ථානය පිළි ගනී

ෂැංහයි සහයෝගිතා සංවිධානයේ රාජ්‍ය නායකයින්ගේ කවුන්සිලයේ 23 වන අදියර අද (04) පැවැත්වෙනවා.

ඒ ඉන්දියාවේ සභාපතිත්වයෙන් යුතුවයි.

මෙවර එම රාජ්‍ය නායක සමුළුව පැවැත්වෙන්නේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඒ අනුව ෂැංහයි සහයෝගිතා සංවිධානයේ සාමාජික රටවල රාජ්‍ය නායකයින් වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඊට සහභාගී වීමට නියමිතයි.

මෙවර සමුළුව සඳහා සහභාගී වන්නැයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පාකිස්ථාන අග්‍රාමාත්‍ය ශෙබාස් ෂරීෆ්ට ද නිල වශයෙන් ආරාධනා කර තිබෙනවා.

අග්‍රාමාත්‍යවරයා එම ආරාධනය පිළිගත් බවයි පාකිස්ථාන විදේශ කටයුතු අමාත්‍යාංශය පවසා තිබුණේ.

ඒ අනුව ඉන්දියාවේ සභාපතිත්වයෙන් යුතුව පැවැත්වෙන ෂැංහයි සහයෝගිතා සංවිධානයේ රාජ්‍ය නායකයින්ගේ හමුවට පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා ද සහභාගී වනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා

Share This