ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ බෝට්ටුවක් පෙරලීමෙන් අතුරුදන් වූ පුද්ගලයන් සොයා මෙහෙයුම්

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ බෝට්ටුවක් පෙරලීමෙන් අතුරුදන් වූ පුද්ගලයන් සොයා මෙහෙයුම්

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ Muzaffarpur දිස්ත්‍රික්කයේ බග්මති ගඟේ බෝට්ටුවක් පෙරලීමෙන් පසු අතුරුදන් වූ පුද්ගලයන් සොයා මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා

40 හැවිරිදි පුද්ගලයෙකුගේ සහ සිව් හැවිරිදි දරුවෙකුගේ සිරුරු ගඟෙන් ගොඩ ගෙන ඇති අතර ඉතිරි පුද්ගලයන් සොයා මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බවයි පැවසෙන්නේ .

බග්මති ගඟේ පුද්ගලයින් 30 දෙනෙකු පමණ රැගත් බෝට්ටුවක් මෙලෙස පෙරළී ගොස් තිබෙනවා.

පාසල් යන ළමුන් සහ කාන්තාවන් අතුරුදන් වී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

දරුවන් 20 දෙනෙකු බේරා ගැනීමට හැකි වූ බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

Share This