ඉන්දියාවේ සිදුවූ දරුණු දුම්රිය අනතුර

ඉන්දියාවේ සිදුවූ දරුණු දුම්රිය අනතුර

ඉන්දියාවේ බටහිර බෙංගාලයේ සිදුවූ දුම්රිය අනතුරකින් පුද්ගලයින් 15 දෙනෙකු මියගොස් තවත් 60 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

මගී ප්‍රවාහන අධිවේගී දුම්රියක් සහ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කන්චන්ජුන්ගා අධිවේගී දුම්රිය ඇසෑම් හි සිල්චාර් හි සිටි කොල්කටා බලා ධාවනය වෙමින් පවතින අවස්ථාවේ රන්ගාපානී දුම්රිය ස්ථානය ආසන්නයේදී මගී ප්‍රවාහන දුම්රිය පසුපසින් පැමිණි භාණ්ඩ ප්‍රවාහන දුම්රිය එහි ගැටී අනතුර සිදුව තිබෙනවා.

අනතුරින් පසුව දුම්රිය දෙකම පීලි පැනීමකට ද ලක්ව ඇති බව සඳහන්.

අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මියගිය අය සහ තුවාල ලැබූවන් වෙනුවෙන් වන්දි මුදල් ගෙවීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Share This