ඉන්දියාවේදී මුහුණ දුන් අනතුරක් ගැන යොහානි තැබූ සටහන

ඉන්දියාවේදී මුහුණ දුන් අනතුරක් ගැන යොහානි තැබූ සටහන

සංගීත ප්‍රසංග කිහිපයක් සඳහා ඉන්දියාවට ගොස් සිටින යොහානි ද සිල්වා අනතුරකට මුහුණ පා තිබෙන බව දිනපතා පළවන පුවත්පතක සඳහන් කර තිබෙනවා

එම අනතුරින් යොහානිගේ මුහුණේ ඇසට පහළින් වූ කොටස තැළීමකට ලක් වී තිබෙන බවයි එහි සඳහන් කරන්නේ

ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය යොමු වුණා

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් යොහානි සඳහන් කර ඇත්තේ, තමන් අවසන්වරට කළ ඉදිරිපත් කිරීම අතරතුර වේදිකාවේදී ගිටාරයක හිස කොටසේ තම මුහුණ වැදී මෙම අනතුර සිදු වුණු බවයි

කෙසේ වෙතත් ඉන් තම මුහුණ තැළීමකට ලක්වුණු බව තමන් නොදැන සිටි බවද ඇය සඳහන් කරනවා

ලොව පුරා ඉමහත් රසික ආකර්ෂණයක් දිනා ගැනීමත් සමඟ ඉන්දියානු ප්‍රසංග කිහිපයක ගැයුමට ආරාධනා ලද යොහානි පසුගිය සැප්තැම්බර් 29 වැනි දින මෙරටින් ඉන්දියාවට පිටත් වූ අතර ඇය සැප්තැම්බර් 30 වැනිදා සිය ප්‍රථම ඉන්දියානු ගායන ප්‍රසංගය ගුරුග්‍රාම්හි පවත්වනු ලැබුවා

 

Share This