ඉන්දීය අගමැති ලබන සතියේ ඉන්දුනීසියාවට

ඉන්දීය අගමැති ලබන සතියේ ඉන්දුනීසියාවට

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ලබන සතියේ දෙදින සංචාරයක් සඳහා ඉන්දුනීසියාව වෙත යාමට නියමිතව තිබෙනවා.

ඒ අනුව ලබන 6 සහ 7 යන දිනවලදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එම සංචාරයේ නිරත වීමට නියමිත බවයි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ.

ආසියාන්-ඉන්දියා සමුළුවට සහ නැගෙනහිර ආසියානු සමුළුවට සහභාගී වීමේ අරමුණින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මෙම සංචාරයේ නිරත වන බව සඳහන්.

පසුගිය 2018 වසරේදී නරේන්ද්‍ර මෝදි, ඉන්දුනීසියාවේ සංචාරයක නිරත වී තිබුණා.

Share This