ඉන්දීය පක්ෂ 26ක් අගමැති මෝදිට එරෙහිව සාකච්ඡා

ඉන්දීය පක්ෂ 26ක් අගමැති මෝදිට එරෙහිව සාකච්ඡා

ලබන වසරේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේදී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ පක්ෂයට එරෙහිව සිය ක්‍රමෝපාය තහවුරු කිරීම සඳහා ඉන්දීය විපක්ෂයේ පක්ෂ 26ක නායකයින් රැස්ව සිටින බව විදෙස් මාධ්‍ය පවසනවා

කොංග්‍රස් පක්ෂයේ සෝනියා ගාන්ධි, දිල්ලි මහ ඇමැති Arvind Kejriwal ඇතුළු විපක්ෂයේ ඉහළ පෙළේ නායකයෝ ඊට සහභාගි වන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ

මෙම කණ්ඩායම අද (18) සන්ධානය සඳහා නායකයෙකු තෝරා ගැනීමට ද ඉඩ ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

විපක්ෂයේ දෙවන මහා රැස්වීම මෙය වන අතර දකුණු කර්ණාටක ප්‍රාන්තයේ බැංගලෝර් නගරයේ පැවැත්වෙන දෙදින රැස්වීමේදී ආසන බෙදාගැනීම, එක් එක් පක්ෂයට ආසන කීයක් තරඟ කරනවාද සහ මැතිවරණය සඳහා පොදු වැඩපිළිවෙලක් වැනි ගැටළු සාකච්ඡා කිරීමට අපේක්ෂා කෙරෙන බවයි පැවසෙන්නේ

 

Share This