ඉන්දීය මහ මැතිවරණයේ අවසන් අදියර අරඹයි

ඉන්දීය මහ මැතිවරණයේ අවසන් අදියර අරඹයි

ඉන්දීය මහ මැතිවරණයේ අවසන් අදියර අද (1) ආරම්භ වී තිබෙනවා.

මාස දෙකකට වැඩි කාලයක් තිස්සේ පැවැත්වෙන මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම ලබන 4 වැනිදා සිදුවන අතර, එසැණින් ප්‍රතිඵල ද නිකුත් කිරීමට නියමිතව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

අවසන් අදියරේදී ආසන 57 ක් වෙනුවෙන් මැතිවරණ පැවැත්වෙනවා.

උත්ත්ර ප්‍රදේශ් ප්‍රාන්තයේ වරණාසි ආසනයද ඒ අතර වනවා.

වරණාසි ආසනය යනු ඉන්දියාවේ වත්මන් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ආසනයයි.

ඒ අනුව 2014 වසරේ සිට වරණාසි ආසනයේ බලය තහවුරු කරගෙන සිටින්නේ ඉන්දියාවේ වත්මන් අගමැති නරේන්ද්‍ර මෝදි බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share This