ඉන්දීය සංචාරක සම්මේලනය කොළඹ දී

ඉන්දීය සංචාරක සම්මේලනය කොළඹ දී

ඉන්දියාවේ සංචාරක නියෝජිත සංගමයේ සම්මේලනය කොළඹදි අද (06) ආරම්භ වනවා.

එය ලබන 09 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

ඉන්දියාවේ සංචාරක නියෝජිත සංගමයේ සම්මේලනය  කොළඹදී පැවැත්වෙන්නේ වසර 18 කට පසුව බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

ඊට සමගාමීව ඉන්දියාව නියෝජනය කරමින් 700 කට අධික පිරිසක් ඉන්දීය නියෝජිතයන් පිරිසක් මෙරටට පැමිණෙමින් සිටින බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

එහි සමාරම්භක දේශනය පවත්වනු ලබන්නේ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ විසින්.

මීට පෙර සැලසුම් කර ඇත්තේ ඉකුත් අප්‍රේල් 19 සිට 22 දක්වා එම සම්මේලනය කොළඹදී පැවැත්වීමටයි.

එහෙත් රට තුළ පැවැති නොසන්සුන්තාවයන් සහ ආර්ථික අර්බුද හේතුවෙන් එම සම්මේලනය පැවැත්වීම කල් දැමු බව බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

Share This