
ඉන්දු-ලංකා මිත්‍රත්වය වෙනුවෙන් ඉන්දියාවෙන් මෙරටට එන්නත් තොගයක පරිත්‍යාගයක්
මෙරට රජයේ රෝහල් සඳහා ෆූරෝසමයිඩ් එන්නත් (Furosemide Injection) 50000 ක තොගයක් ඉන්දියානු මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා විසින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත ප්‍රදානය කර තිබෙනවා.
රුපියල් මිලියනයක වටිනාකමක් සහිත මෙම එන්නත් තොගය ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝ කාලීන මිත්‍රත්වය සනිටුහන් කරමින් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තව තවත් ශක්තිමත් කර ගැනීම වෙනුවෙන් පරිත්‍යාග කර ඇති බව සඳහන්.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා සහ ඉන්දියානු මහකොමසාරිස්වරයා අතර පැවති විශේෂ හමුවකදී මෙම පරිත්‍යාගය සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
පරිත්‍යාගය බාරගැනීමෙන් අනතුරුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශ තුළින් ඉදිරියේ දී දියත් කිරීමට සැලසුම් කර ඇති ව්‍යාපෘති කිහිපයක් පිළිබඳව පුළුල්ව සාකච්ඡාවට ලක්වී ඇති බව සඳහන්.
දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති සහ වැඩසටහන් කිහිපයකම වත්මන් ක්‍රියාකාරිත්වය සහ ප්‍රගතිය පිළිබඳව තොරතුරු විමසා බැලීමද එහිදී සිදුවී තිබෙනවා.
ඉදිරි කාලය තුළ මෙරට දිවයිනම ආවරණය වන පරිදි ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථාන දහසක් ස්ථාපිත කර ප්‍රාථමික සෞඛ්‍ය සවිබල ගැන්වීමේ වැඩසටහන මෙහිදී ඉන්දීය මහකොමසාරිස්වරයාගේ විශේෂ අගය කිරීම ද ලක්වී ඇති බව සඳහන්.