ඉන්දුනීසියාවේ ඇතිවූ භූමිකම්පාවෙන් මියගිය ගණන තවත් ඉහළට- දිවි ගලවා ගත් අය සොයා තවදුරටත් මෙහෙයුම්

ඉන්දුනීසියාවේ ඇතිවූ භූමිකම්පාවෙන් මියගිය ගණන තවත් ඉහළට- දිවි ගලවා ගත් අය සොයා තවදුරටත් මෙහෙයුම්

ඉන්දුනීසියාවේ බටහිර ජාවාහි ඇතිවූ භූමිකම්පාවෙන් දිවි ගලවා ගත් අය සොයා සහනකරුවන් දෙවන දිනයේත් මෙහෙයුම් කටයුතු සිදු කරමින් පවතින බව විදෙස් මාධ්‍ය පවසනවා

එරට බලධාරීන් සඳහන් කර තිබෙන්නේ මරණ සංඛ්‍යාව 268 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි

එමෙන්ම ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් ළමයින් බවත්, 151 ක් තවමත් අතුරුදහන් වී ඇති බවත් , 1,000 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවත් විදෙස් මාධ්‍ය පවසනවා

නිවාස 22,000කට හානි සිදුව ඇති බවත්, 58,000කට වැඩි පිරිසක් ස්ථාන කිහිපයක නවාතැන් ගෙන සිටින බවත් එරට ජාතික ආපදා අවම කිරීමේ නියෝජිතායතනය ප්‍රකාශ කර තිබෙන බවද විදෙස් මාධ්‍ය පවසනවා

රිච්ටර් මාපකයේ 5.6 ක ප්‍රබල භූ කම්පනය පසුගිය සඳුදා(21) කඳුකර ප්‍රදේශයකට බලපෑ අතර, බටහිර ජාවා නගරයක් වන Cianjur අසල ගම්මානයක් සම්පුර්ණයෙන්ම නායයෑමට ලක්ව තිබෙන බවද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

ජනාධිපති ජෝකෝ විඩෝඩෝ විපතට පත් ජනතාවට වන්දි ලබා දෙන බවටද පොරොන්දු වී තිබෙනවා

Share This