ඉම්රාන් ඛාන් වෙනුවෙන් තවදුරටත් විරෝධතා -අගමැති ෂෙබාස් ෂරීෆ්ගේ නිවසටත් පහර දෙයි

ඉම්රාන් ඛාන් වෙනුවෙන් තවදුරටත් විරෝධතා -අගමැති ෂෙබාස් ෂරීෆ්ගේ නිවසටත් පහර දෙයි

ඉම්රාන් ඛාන්ගේ ආධාරකරුවන් එරට අගමැති ෂෙබාස් ෂරීෆ්ගේ නිවසට පහර දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

ඉස්ලාමාබාද් මහාධිකරණ පරිශ්‍රය අසලදී හිටපු අගමැති ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමෙන් පසු ඇති වූ කැරලි කෝලාහල සහ ගිනි තැබීම් පාකිස්ථානය පුරා පැතිර ගිය අතර ඒ හේතුවෙන් මරණ 8 ක් සහ 290ක් පමණ තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

1,000කට වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

කෝපයට පත් විරෝධතාකරුවන් 1,900 කට වැඩි පිරිසක් මේ වන විට පොලිසිය සමග සටන් කර ඇති අතර පොලිස් ස්ථාන ඇතුළු රජයේ ස්ථාන කිහිපයකට හානි සිදුව ඇති බවයි පැවසෙන්නේ.

Share This