ඉම්රාන් ඛාන්ට පුතුන් සමග දුරකථනයෙන් කතා කිරීමට අධිකරණයෙන් අවසර

ඉම්රාන් ඛාන්ට පුතුන් සමග දුරකථනයෙන් කතා කිරීමට අධිකරණයෙන් අවසර

හිටපු පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන්ට ඔහුගේ පුතුන් සමග දුරකථනයෙන් කතා කිරීමට විශේෂ අධිකරණ අවසරයක් දී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

සැප්තැම්බර් 15 දක්වා කාලය තුළ මෙම අවසරය හිමි වන බවයි සඳහන් වන්නේ

ඉම්රාන් ඛාන් තම නීතීඥයින්ට මෙන්ම තම පුතුන්ටද කතා කිරීමට ඉල්ලා සිටින්නේ දැන් බොහෝ කාලයක සිටයි .

ඉම්රාන් ඛාන්ගේ නීතීඥයෙකු වන ෂීරාස් අහමඩ් රන්ජා පවසා තිබෙන්නේ ඉම්රාන් ඛාන් සහ ඔහුගේ පුතුන් අතර දුරකථන සංවාදයකට ඉඩ දෙන ලෙස අධිකරණය බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කළ නමුත් බන්ධනාගාර නිලධාරීන් ඊට අවසර නොදුන් බවයි.

ඒ අනුව ඉම්රාන් ඛාන් බන්ධනාගාර අධිකාරීවරයාගේ නියෝගයට අවනත නොවී එම නිලධාරීයාට එරෙහිව විශේෂ අධිකරණයක් වෙත දැනුම් දුන් බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ

බන්ධනාගාරයේදී ඉම්රාන් ඛාන්ගේ නීතීඥයින්ට ඔහු හමුවීමට පොලිසිය ඉඩ නොදුන් බවද මීට පෙර විදෙස් මාධ්‍ය වාර්තා කළා

Share This