ඉරාකයේ  300කට වැඩි පිරිසක් මිය ගිය බෝම්බ පිපිරීමට අදාළව වරදකරුවන් වූ තිදෙනෙක් එල්ලා මරා දමයි

ඉරාකයේ 300කට වැඩි පිරිසක් මිය ගිය බෝම්බ පිපිරීමට අදාළව වරදකරුවන් වූ තිදෙනෙක් එල්ලා මරා දමයි

ඉරාකයේ සිදුවූ බෝම්බ ප්‍රහාරයක් සම්බන්ධයෙන් වරදකරුවන් වූ පුද්ගලයන් තිදෙනෙකු එල්ලා මරා දමා ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

2016 වසරේ බැග්ඩෑඩ් නුවර සිදුවූ මෙම බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයන් 300කට වැඩි පිරිසක් මියගොස් සහ සිය ගණනකට තුවාල සිදු වුණා

ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය (IS) ප්‍රකාශ කළේ තමන් මෙම ප්‍රහාරය එල්ල කළ බවයි.

අග්‍රාමාත්‍ය මොහොමඩ් ෂියා අල්-සුඩානිගේ කාර්යාලය මරණ දණ්ඩනය නියම වූ අයගේ නම් හෝ ඔවුන්ට දඬුවම් නියම කළේ කවදාදැයි මෙතෙක් ප්‍රකාශ කර නැහැ .

කෙසේවෙතත් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම පසුගිය ඉරිදා සහ සඳුදා දිනයන්හි දී සිදු කෙරුණු බවයි සඳහන් කර ඇත්තේ

Share This