ඉරාන ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීමේ සැලැස්ම එක්සත් ජනපදය අනුමත කරයි

ඉරාන ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීමේ සැලැස්ම එක්සත් ජනපදය අනුමත කරයි

සිරියාවේ සහ ඉරාකයේ ඉරාන ඉලක්ක වෙත ප්‍රහාර මාලාවක් එල්ල කිරීම සඳහා එක්සත් ජනපදය සැලසුම් අනුමත කර ඇති බව නිලධාරීන් පවසා තිබෙනවා

ප්‍රහාර එල්ල කිරීම දින කිහිපයක් පුරා සිදුවනු ඇති අතර, ඒවා දියත් කරන විට කාලගුණික තත්ත්වයන් පිළිබඳවද සැලකිලිමත් වනු ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

පසුගිය ඉරිදා සිරියානු දේශසීමාවට ආසන්න ජෝර්දානයේදී එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් එක්සත් ජනපද සොල්දාදුවන් තිදෙනෙකු මියයාමෙන් පසුව මෙම තීරණයට එළඹ ඇති බවයි පැවසෙන්නේ

එම ප්‍රහාරය සම්බන්ධයෙන් එක්සත් ජනපදය චෝදනා කළේ ඉරානයේ සහාය ලබන මිලීෂියා කණ්ඩායමකටයි .

මේ අතර, ටවර් 22 ලෙස හැඳින්වෙන එම හමුදා කඳවුරේ තවත් එක්සත් ජනපද සෙබළුන් 41 දෙනෙකුට තුවාල සිදු කළ ප්‍රහාරය පිළිබඳව අදාල නොවන බව පවසමින් ඉරානය එම චෝදනා ප්‍රතික්ෂේප කර තිබෙනවා .

මෙම මධ්‍යස්ථානයට ප්‍රහාර එල්ල කිරීමට යොදාගත් ඩ්‍රෝන යානය ඉරානය විසින් නිෂ්පාදනය කරන ලද්දක් බවට එක්සත් ජනපද බුද්ධි අංශ විශ්වාස කරන බවත් එය යුක්‍රේනය ආක්‍රමණය කිරීම සඳහා ඉරානය රුසියාවට යවන ඩ්‍රෝන යානාවලට සමාන බවත් එක්සත් ජනපද නිලධාරීන් පවසා තිබේ.ඇති බවද සඳහන්

කෙසේවෙතත් මෙම අනුමත සැලසුම් ඉරානය තුළ නොව ඉරාන ඉලක්ක වන සිරියාව සහ ඉරාකය වෙත යොමු කරනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

Share This