ඉරානයේ ජනපති හමුවීමට ගිය රුසියානු ජනපති

ඉරානයේ ජනපති හමුවීමට ගිය රුසියානු ජනපති

රුසියානු ජනාධිපති Vladimir Putin ඉරානයේ ජනාධිපති ඊබ්‍රහම් රයිසි Ebrahim Raisi හමු වී තිබෙනවා.

කලාපය තුළ අමෙරිකානු ආධිපත්‍යයට අභියෝග කරන ඉරානයේ ජනාධිපතිවරයා සහ රුසියානු ජනාධිපතිවරයා අතර හමුවක් සිදුවීම විශේෂ අවස්ථාවක් ලෙසයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ සෞදි අරාබියේ සංචාරය කිරීමෙන් අනතුරුව රුසියානු ජනාධිපතිවරයා ඉරානය වෙත පැමිණ ඇති බව සඳහන්.

Putin සහ ඉරාන ජනාධිපතිවරයා අතර පැවති සාකච්ඡාවේදී ගාසා තීරයේ තත්ත්වය, යුක්‍රේන යුද්ධය සහ තෙල් මිල ඉහළ මට්ටමක පවත්වා ගැනීම සඳහා ඔපෙක් සංවිධානය සහ රුසියාව දරන ප්‍රයත්නය ගැන අවධානය යොමුව තිබෙනවා.

භාෂා පරිවර්තකයෙකු හරහා ජනපති පුටින්ට පිළිතුරු ලබාදෙමින් ඉරාන ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ පලස්තීනයේ සහ ගාසා තීරයේ අද සිදු වන්නේ ජන සංහාරයක් සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධයක් බවයි.

ඊශ්‍රායල ප්‍රහාරවලින් තුවාල ලබා ලේ වැගිරෙන ගාසා තීරයේ ළමුන් නෙතට කඳුළක් එක් කරන දසුනක් බව එහිදී රුසියානු ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ

Share This