ඉෂාලිනිගේ සිරුර දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා පේරාදෙණිය ශික්ෂණ රෝහල වෙත රැගෙන යන ලෙස නියෝගයක්

ඉෂාලිනිගේ සිරුර දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා පේරාදෙණිය ශික්ෂණ රෝහල වෙත රැගෙන යන ලෙස නියෝගයක්

හිටපු අමාත්‍ය රිෂාඩ්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදි සිටියදී ජීවිතක්ෂයට පත් වූ ඉෂාලිනි ජුඩ් දැරියගේ සිරුර විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් ඉදිරියේ නිරෝධායන සෞඛ්ය උපදෙස් වලට අනුකුලව හෙට (30) ගොඩගෙන දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා සිරුර පේරාදෙණිය ශික්ෂණ රෝහල වෙත දැඩි පොලිස් ආරක්ෂාවක් යටතේ රැගෙන යන ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය පොලිසියට නියෝග කර තිබෙනවා.

මියගිය දැරියගේ සිරුර ගොඩගෙන යලිත් පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කිරිම සඳහා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාදුන් නියෝගය සම්බන්ධයෙන් බි වාර්තාවක් මගින් රජයේ අධි නිතිඥ හංස අබේරත්න මහතා නුවරඑලිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද (29) දින කරුණු වාර්තා කරමින් කියා සිටියේ මියගිය දැරියගේ සිරුර නුවරඑලිය අධිකරණ බල ප්‍රදේශයේ පිහිටි හැටන් ඩයගම බටහිර කොටසේ පිහිට පොදු සුසාන භුමියේ මිහිදන් කර ඇති නිසා සිරුර යළිත් ගොඩගැනිමට නුවරඑළිය මහේස්ත්‍රාත්වරියගේ අධික්ෂණය යටතේ සිදු කල යුතු බවයි.

රජයේ අධි නිතිඥවරයාගේ කරුණු සලකා බැලූ නුවරඑළිය දිසා අධිකරණයේ මහේස්ත්‍රාත් ලුෂාකා කුමාරි ධර්මකීර්ති මහත්මිය නියෝග කරනු ලැබුවේ වසම භාර ග්‍රාමසේවා නිලධාරිවරයා, මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් ද සහභාගි කර ගනිමින් නිරෝධායන උපදෙස් වලට අනුකූලව විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් ඉදිරියේදි මිය ගිය දැරියගේ සිරුර හෙට (30) දින උදෑසන 8.30 ට ගොඩගෙන සිරුර දැඩි පොලිස් ආරක්ෂාවක් යටතේ දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා පේරාදෙණිය ශික්ෂණ රෝහල වෙත යොමු කරන ලෙසයි.

Share This