ඊශ්‍රායල ගාසා ප්‍රතිපත්තියට එරෙහිව බටහිර නිලධාරීන් විරෝධතාවයක

ඊශ්‍රායල ගාසා ප්‍රතිපත්තියට එරෙහිව බටහිර නිලධාරීන් විරෝධතාවයක

එක්සත් ජනපදයේ සහ යුරෝපයේ සේවයේ නියුතු නිලධාරීන් 800කට වැඩි පිරිසක් ඊශ්‍රායල-ගාසා යුද්ධය සම්බන්ධයෙන් ඔවුන්ගේම ආණ්ඩුවල ප්‍රතිපත්ති ජාත්‍යන්තර නීතිය බරපතල ලෙස උල්ලංඝනය කරන බවට අනතුරු අඟවන ප්‍රකාශයකට අත්සන් තබා තිබෙනවා.

“Transatlantic Statement” එම ප්‍රකාශයේ සඳහන් වන්නේ ඔවුන්ගේ පරිපාලනය නිසා මෙම සියවසේ දරුණුතම මානව ව්‍යසනයකට හවුල් වීමේ අවදානමක් පවතින බවයි.

එය ඊශ්‍රායලයේ සමහර ප්‍රධාන බටහිර සහචරයන්ගේ ආණ්ඩු තුළ සැලකිය යුතු මට්ටමේ විසම්මුතියක නවතම සලකුණ බවද එහි සඳහන් කර තිබෙනවා.

මෙම ප්‍රකාශයට එක්සත් ජනපදය, යුරෝපා සංගමය සහ එක්සත් රාජධානිය, ප්‍රංශය සහ ජර්මනිය ඇතුළු යුරෝපීය රටවල් 11 ක සිවිල් සේවකයින් විසින් අත්සන් කර ඇති බව සඳහන්.

Share This