ඊශ්‍රායල-ගාසා යුද ගැටුමේ පිරිවැය ඉහළයි – ඇන්ටනි බ්ලින්කන්

ඊශ්‍රායල-ගාසා යුද ගැටුමේ පිරිවැය ඉහළයි – ඇන්ටනි බ්ලින්කන්

ගාසා තීරයේ සිවිල් වැසියන්ට එරෙහි යුද්ධයේ පිරිවැය බෙහෙවින් වැඩි බව එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් පවසනවා

එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයා පවසන්නේ ඊශ්‍රායලයට බාධක ඉවත් කිරීමට අවශ්‍ය වන අතර එමගින් ගාසා තීරයට තවත් අත්‍යවශ්‍ය ආධාර ලබා දීමට හැකි බවයි.

ඊශ්‍රායලය විශාල අභියෝගයකට මුහුණ දී ඇති බවයි ඔහු පවසන්නේ

ගැටුම ආරම්භ වූ දා සිට ඊශ්‍රායලයේ සිදු කළ සිව්වැනි සංචාරයේදී එරට නායකයන් හමුවීමෙන් අනතුරුව ඔහු මේ බව සඳහන් කර තිබෙනවා

ඊශ්‍රායලය සහ එක්සත් ජනපදය ඇතුළු බොහෝ බටහිර ජාතීන් විසින් ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කරන ලද හමාස් සංවිධානයේ දේශසීමා ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලය ගාසා තීරයේ සිය ප්‍රහාර දියත් කරනු ලැබුවා .

එම ප්‍රහාරවලින් 1,300 දෙනෙක් පමණ මිය ගිය අතර එතැන් සිට එල්ල කළ ප්‍රතිප්‍රහාරවලින් ගාසා තීරයේ 23,200 කට වැඩි පිරිසක් මියගොස් ඇති බව හමාස් පාලනය කරන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා

Share This