ඊශ්‍රායල-ගාසා යුද්ධය පැතිරීම නැවැත්වීමට එක්සත් ජනපදය චීනය සමග කටයුතු කරනවා – ඇන්ටනි බ්ලින්කන්

ඊශ්‍රායල-ගාසා යුද්ධය පැතිරීම නැවැත්වීමට එක්සත් ජනපදය චීනය සමග කටයුතු කරනවා – ඇන්ටනි බ්ලින්කන්

ඊශ්‍රායල-ගාසා යුද්ධය වඩාත් පුළුල් ගැටුමක් දක්වා වර්ධනය නොවීමට වගබලා ගැනීම සඳහා චීනයේ විදේශ ඇමති වැන්ග් යී සමග කටයුතු කරන බව එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයට පවසා තිබෙනවා

මෙම කවුන්සිලයේ සාමාජිකයින්ට සහ විශේෂයෙන් ස්ථිර සාමාජිකයින්ට මෙම ගැටුම පැතිරීම වැලැක්වීම සඳහා විශේෂ වගකීමක් ඇති බවයි බ්ලින්කන් සඳහන් කරන්නේ

චීනයේ විදේශ ඇමති වැන්ග් යී හෙට (26) එක්සත් ජනපදයට යාමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසනවා

ඔහුගේ සංචාරයේ අරමුණ චීන නායක ෂී ජින් පිං ලබන මාසයේ නිල සංචාරයක් සඳහා එක්සත් ජනපදය පැමිණීම වෙනුවෙන් වුවද, මැද පෙරදිග අර්බුදය න්‍යාය පත්‍රයට ඇතුළත් වනු ඇතැයි බොහෝ දෙනා අපේක්ෂා කරනවා .

මේ අතර චීනයේ විශේෂ නියෝජිත Zhai Jun සටන් විරාමයක් ඇති කිරීමේ අරමුණින් දැනටමත් මැදපෙරදිග රටවල් කිහිපයක සංචාරය කර ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

Share This