ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් Al-Maghazi සරණාගත කඳවුරේ 70ක් මරුට (VIDEO)

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් Al-Maghazi සරණාගත කඳවුරේ 70ක් මරුට (VIDEO)

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් එම තීරයේ මධ්‍යයේ පිහිටි Al-Maghazi සරණාගත කඳවුරේ සිටි පුද්ගලයන් 70 දෙනෙකු පමණ මිය ගිය බව ගාසා තීරයේ හමාස් පාලනය යටතේ පවතින සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා

එහි ප්‍රකාශකයෙකු වැඩිදුරටත් සඳහන් කරන්නේ , එම ප්‍රදේශයේ පවුල් විශාල සංඛ්‍යාවක් ජීවත් වන බැවින් මරණ සංඛ්‍යාව ඉහළ යාමට ඉඩ ඇති බවයි.

මේ අතර ගාසා තීරයට මායිම්ව ඇති ඊජිප්තුව ඊශ්‍රායලය සහ හමාස් අතර සටන් විරාමයක් සඳහා නව යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව ඊශ්‍රායල සහ අරාබි මාධ්‍ය පවසනවා

තුවාල ලැබූ බොහෝ පිරිසක් මාගාසි සිට අසල පිහිටි අල්-අක්සා රෝහල වෙත ගෙන ගොස් ඇති බවයි පැවසෙන්නේ

සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ ඉරිදා අගභාගයේදී එල්ලවූ ප්‍රහාරයෙන් නිවාස තුනකට හානි සිදුව ඇති බවයි.

හමාස් සහ අනෙකුත් පලස්තීන කණ්ඩායම් ඊශ්‍රායලයට පහර දී පුද්ගලයින් 1,200 ක් මරා දමා 240 ක් පමණ ප්‍රාණ ඇපයට ගත් ඔක්තෝබර් 7 සිට ගාසා තීරයේ 20,000 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා

Share This