ඊශ්‍රායල ප්‍රහාරවලින් ගසාහි 71 දෙනෙකු මරුට

ඊශ්‍රායල ප්‍රහාරවලින් ගසාහි 71 දෙනෙකු මරුට

දකුණු ගාසා තීරයේ අල්-මවාසි ‘ආරක්ෂිත කලාපයට’ එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් 71 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ අවතැන් වූ පලස්තීනුවන් දහස් ගණනක් නවාතැන් ගෙන සිටින අල්-මාවාසි ඉලක්ක කර ගෙන මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි

ප්‍රහාරයෙන් 289 දෙනෙකු තුවාල ලබා ඇති අතර සමහරක් බරපතල තුවාල ලබා ඇති බවයි ගාසා හි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ

ප්‍රහාරය පිළිබඳව ඊශ්‍රායල හමුදාව නිල වශයෙන් අදහස් දක්වා නොමැති අතර ඊශ්‍රායල මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ ජ්‍යෙෂ්ඨ හමාස් නිලධාරියෙකු ඉලක්ක කර මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවටයි.

Share This