ඊශ්‍රායල යුද ටැංකි ගාසා තීරයේ දකුණු නගරය වන ඛාන් යුනිස් වෙතට

ඊශ්‍රායල යුද ටැංකි ගාසා තීරයේ දකුණු නගරය වන ඛාන් යුනිස් වෙතට

ඊශ්‍රායල යුද ටැංකි ගාසා තීරයේ දකුණු නගරය වන ඛාන් යුනිස් වෙත තවදුරටත් ගමන් කරමින් සිටින අතර සිවිල් වැසියන්ට පලා යන ලෙස නියෝග කර තිබෙනවා.

නගරයේ රෝහල් අධ්‍යක්ෂවරයෙක් පවසා තිබෙන්නේ තුවාලකරුවන් සිටින ප්‍රමාණය සමග සාර්ථකව කටයුතු කිරීමට කාර්යය මණ්ඩලය වෙහෙසෙන බවත් වෛද්‍ය සැපයුම්, ආහාර, ජලය සහ ඉන්ධන අඩුවෙමින් පවතින බවත්ය.

මේ අතර උතුරු ගාසා තීරයේ දැඩි ගුවන් ප්‍රහාර දක්නට ලැබෙන අතර පලස්තීන රොකට් ප්‍රහාර දකුණු සහ මධ්‍යම ඊශ්‍රායලය ඉලක්ක කර ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා

එමෙන්ම සිරකරුවන් හුවමාරුවක් සඳහා වන තම ඉල්ලීම් ඉටු නොකළහොත් එක් ප්‍රාණ ඇපකරුවෙකුටවත් පණපිටින් ගාසා තීරයෙන් පිටව යාමට ඉඩ නොදෙන බවටයි හමාස් සංවිධානය තර්ජනය කර ඇත්තේ .

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසන්නේ හමාස් සාමාජිකයන් බොහෝ පිරිසක් යටත් වී ඇති බවත් එය අවසානයේ ආරම්භය බවත්ය.

එක්සත් ජාතීන්ගේ පලස්තීන සරණාගත ඒජන්සිය පවසන්නේ දකුණු ගාසා තීරයේ තම ආධාර බෙදාහැරීම් වටා සිවිල් සාමයේ සම්පූර්ණ බිඳවැටීමක් පවතින බවයි.

හමාස් සංවිධානය සති නවයකට පෙර ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කළ අතර ඉන් 1,200ක් මරා දමා 240ක් ප්‍රාණ ඇපයට ගැනුණා

ඔවුන්ගෙන් සමහරක් කෙටි කාලීන සටන් විරාමයක් අතරතුර නිදහස් කළ බවද විදෙස් මාධ්‍ය මීට පෙර වාර්තා කළා

ගාසා තීරයේ හමාස් පාලනය කරන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසා ඇත්තේ ඊශ්‍රායලය සිය ප්‍රතිප්‍රහාර හමුවේ 18,200 ක් පමණ මරා දමා ඇති බවයි.

Share This