ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයකින් 28ක් මරුට

ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයකින් 28ක් මරුට

ගාසා නගරයේ නිවාස තුනකට ඊශ්‍රායලය විසින් එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයකින් අවම වශයෙන් 28 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා

එම ප්‍රහාරයෙන් තවත් බොහෝ පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ

එමෙන්ම, ඊශ්‍රායල හමුදා ගුවන් ප්‍රහාරවලින් ගාසා තීරයේ රඳවා සිටි ඊශ්‍රායල වහලුන් දෙදෙනෙකු ද මිය ගොස් තිබෙනවා.

Share This