ඊශ්‍රායලය සහ හමාස් අතර ගැටුම් විරාමයකට යුරෝපා සංගම් නායකයින්ගේ සහාය

ඊශ්‍රායලය සහ හමාස් අතර ගැටුම් විරාමයකට යුරෝපා සංගම් නායකයින්ගේ සහාය

මානුෂීය ආධාර ගාසා තීරයට ගෙනයාමට පහසුකම් සැලසීම සඳහා ඊශ්‍රායලය සහ හමාස් අතර වත්මන් ගැටුමේ විරාමයක් සඳහා යුරෝපා සංගම් නායකයින් සහාය වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා .

යුරෝපීය කවුන්සිලයේ සභාපති චාල්ස් මයිකල් පවසන්නේ ගාසා තීරයේ පිරිහෙන තත්ත්වයන් පිළිබඳව දැඩි කනස්සල්ලට පත් වන බවයි

ඒ අනුව යුරෝපා සංගම් නායකයින් ආහාර, ජලය, වෛද්‍ය ප්‍රතිකාර, ඉන්ධන සහ නවාතැන් සඳහා පහසුකම් සැලසීමට උනන්දු වන බවයි පැවසෙන්නේ

අද (26) බ්‍රසල්ස් හි පැවැත්වෙන රැස්වීමකදී යුරෝපා සංගම් නායකයින් මෙම තීරණය ගනු ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

Share This