උගන්ඩාවේ විනිසුරු Julia Sebutinde නෙදර්ලන්තයේ ජාත්‍යන්තර අධිකරණයේ උප සභාපති ලෙස වැඩ භාර ගනියි

උගන්ඩාවේ විනිසුරු Julia Sebutinde නෙදර්ලන්තයේ ජාත්‍යන්තර අධිකරණයේ උප සභාපති ලෙස වැඩ භාර ගනියි

උගන්ඩාවේ උපත ලද විනිසුරු Julia Sebutinde නෙදර්ලන්තයේ හේග් නුවර ජාත්‍යන්තර අධිකරණයේ (ICJ) උප සභාපති ලෙස තේරී පත්වී තිබෙනවා

ගාසා තීරයේ යුද්ධය සම්බන්ධයෙන් දකුණු අප්‍රිකාව ඊශ්‍රායලයට එරෙහිව ඉල්ලා සිටි හදිසි ක්‍රියාමාර්ගවලට එරෙහිව ඇය තීන්දු ගැනීමත් සමග විනිසුරුවරිය පසුගියදා ජාත්‍යන්තර ප්‍රජාව තුළ ආන්දෝලනයක් ඇති කරනු ලැබූ බවද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට එරෙහිව සටන් කරන ඊශ්‍රායල ජන සංහාරක ක්‍රියාවන් වැළැක්වීමට පියවර ගන්නා ලෙස ඊශ්‍රායලයට නියෝග කරමින් ICJ අධිකරණය විසින් අනුගමනය කරන ලද ක්‍රියාමාර්ග හයට එරෙහිව ඡන්දය ප්‍රකාශ කළ 17 දෙනෙකුගෙන් යුත් ICJ විනිසුරු මඩුල්ලේ එකම විනිසුරුවරිය ඇය බවයි විදෙස් මාධ්‍ය මීට පෙර වාර්තා කළේ .

මෙහිදී දකුණු අප්‍රිකාව ඉල්ලා සිටි බොහෝ දේ ආවරණය වන හදිසි පියවර සඳහා 15 දෙනෙකු ඡන්දය දුන් අතර විසම්මුතික විනිශ්චයන් නිකුත් කළ විනිසුරුවරුන් දෙදෙනෙකුගෙන් එක් අයෙක් වූයේ Julia Sebutinde යි

Julia Sebutinde වසර තුනකට උප සභාපති ලෙස තේරී පත් වූ බව උසාවිය නිවේදනය කර තිබෙනවා

දශකයකට වැඩි කාලයක් ICJ විනිසුරුවරියක් ලෙස Julia Sebutinde කටයුතු කර ඇති අතර ඇය මීට පෙර ලයිබීරියානු හිටපු ජනාධිපති චාල්ස් ටේලර්ට එරෙහිව නඩු පැවරීම ඇතුළු ඉහළ පෙළේ යුද අපරාධ නඩු විභාග කිහිපයක්ම හසුරුවා ඇති බවද වාර්තා වනවා

 

Share This