උත්සව සමයේ දී ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සාධාරණ මිලට

උත්සව සමයේ දී ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සාධාරණ මිලට

එළඹෙන උත්සව සමයේ දී පාරිභෝගික ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයකින් තොරව, සාධාරණ මිලට ලබා ගැනීමට හැකි පසුබිමක් නිර්මාණය කර ඇති බව පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී. බී.හේරත් මහතා පවසනවා.

ගොවියාත් පාරිභෝගිකයාත් සුරැකෙන ක්‍රමවේදයක් ඔස්සේ එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී. බී. හේරත් මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (21) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

පසු අස්වනු තාක්ෂණය ගොවීන් අතර ප්‍රචලිත කරමින් අස්වනු හානිය අවම කිරිමටත්, ඉදිරියේදී ඇතිවිය හැකි ගෝලීය ආහාර අර්බුදයට රට සූදානම් කිරීමටත් රජය වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළා.

Share This