උතුරු කොරියානු නායකයාගේ සොහොයුරියත් පුටින් හමුවට

උතුරු කොරියානු නායකයාගේ සොහොයුරියත් පුටින් හමුවට

උතුරු කොරියානු නායකයාගේ සොහොයුරිය වන කිම් යෝ ජොන්ග් ද සිය සොහොයුරා සමග රුසියානු ජනාධිපති පුටින් හමුවීමට පැමිණ ඇති බව රුසියානු මාධ්‍ය විසින් ඡායාරූප නිකුත් කරමින් තහවුරු කර තිබෙනවා

මේ වසරේ, ඇය එක්සත් ජනපදයට සහ දකුණු කොරියාවට එරෙහිව දැඩි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවද සඳහන්

කිම් යෝ ජුන්ග් ඉතා බලගතු චරිතයක් වන අතර ඇගේ සහෝදරයා සමග සමීපව කටයුතු කරන බවද විදෙස් මාධ්‍ය පවසනවා .

ඇය කොරියාවේ කම්කරු පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජ්‍යෙෂ්ඨ තනතුරක්ද දරන බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ

Share This