උතුරු කොරියාව විසින් කෲස් මිසයිල කිහිපයක් මුහුදට එල්ල කරයි

උතුරු කොරියාව විසින් කෲස් මිසයිල කිහිපයක් මුහුදට එල්ල කරයි

උතුරු කොරියාව, කොරියානු අර්ධද්වීපයට බටහිර දෙසින්වන මුහුදු ප්‍රදේශයට කෘෘස් මිසයිල කිහිපයක් එල්ල කර තිබෙනවා

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දකුණු කොරියාවේ ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානියා පවසා අද (22) අලුයම මෙම මිසයිල දියත් කර ඇති බවයි

එමෙන්ම අමෙරිකා න්‍යෂ්ටික සන්නද්ධ සබ්මැරීනයක් දකුණු කොරියාවේ වරායක නැංගුරම් ලා ඇති අවස්ථාවකයි උතුරු කොරියාව මෙලෙස කෲස් මිසයිල දියත් කර ඇත්තේ.

කෙසේ වෙතත් අමෙරිකානු යුද සබ්මැරීනයක් දකුණු කොරියානු වරායකට පැමිණීමට විරෝධය පළ කරමින් මෙම මිසයිල දියත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

මීට අමතරව උතුරු කොරියාව එරට අගනුවර වන ප්යොංයැං (Pyongyang) අසල ප්‍රදේශයකින් කෙටි දුර බැලස්ටික් මිසයිල දෙකක් පසුගිය බදාදා දිනයේ එල්ල කර තිබුණා

Share This