උතුරු ගාසා තීරයේ දරුණු ගුවන් ප්‍රහාර සහ පිපිරීම්

උතුරු ගාසා තීරයේ දරුණු ගුවන් ප්‍රහාර සහ පිපිරීම්

එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් තුර්කියේ අන්කාරා හි සිටිනබව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

ඒ අතරතුර කාලයේදී පවතින ගැටුම් පිළිබඳ සාකච්ඡා සඳහා තුර්කි විදේශ අමාත්‍ය හකන් ෆිදාන් හමුවී තිබෙන බවයි පැවසෙන්නේ .

ගාසා තීරයේ ලේ වැගිරීම නතර කර ඊශ්‍රායලයේ පීඩනයෙන් පලස්තීනුවන් ගලවා ගැනීම තම රටේ යුතුකම බව තුර්කි ජනාධිපති Recep Tayyip Erdogan ඊයේ(05) ප්‍රකාශ කරනු ලැබුවා

යුද්ධය ආරම්භයේ සිටම ඊශ්‍රායලය සහ තුර්කිය අතර සබඳතා නරක අතට හැරී ඇති අතර, රටවල් දෙකම ඔවුන්ගේ රාජ්‍ය තාන්ත්‍රිකයින්ට ආපසු පැමිණෙන ලෙස නියෝග කළ බවයි විදෙස් මාධ්‍ය මීට පෙර වාර්තා කළේ .

උතුරු ගාසා තීරයේ තවත් දරුණු ගුවන් ප්‍රහාර සහ පිපිරීම් සිදුවී ඇති අතර දුරකථන සහ අන්තර්ජාල සේවා අඩාල වී ඇති බවද සඳහන්

එමෙන්ම පසුගිය පැය කිහිපය තුළ ඊශ්‍රායලය පවසා ඇත්තේ තම ප්‍රහාරක ජෙට් යානා පසුගිය දිනයේදී ප්‍රදේශයේ ඉලක්ක 450කට ප්‍රහාර එල්ල කළ බවයි.

Share This