උතුරේ ජනතාව ගෑස් හිඟයට උත්තර සෙවූ හැටි

උතුරේ ජනතාව ගෑස් හිඟයට උත්තර සෙවූ හැටි

ගෑස් හිඟයත්, ගෑස් වල මිල ඉහළ යාමත් සමගම උතුරේ ජනතාව දර භාවිතය කෙරෙහි යොමු වී තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ, පාපැදි වල හා යතුරු පැදිවල බැඳගෙන නිවසින් නිවසට ගොස් දර අලෙවි කළ වෙළෙන්දන්ට මේ වන විට දැඩි ඉල්ලුමක් හට ගෙන ඇති බවයි.

පා පැදියක බැඳගෙන රැගෙන අලෙවිකිරීමට ගෙනයන දර මිටි සියල්ලම රුපියල් 1800 කට හා යතුරු පැදියක බැඳගෙන රැගෙන අලෙවිකිරීමට ගෙනයන දර තොගය රුපියල් 2500 කට අලෙවි කරන බව එම වෙළෙන්දන් පවසනවා.

Share This