උපතින්ම ගර්භාෂ දෙකක් ඇති කාන්තාවක් – ගර්භාෂ දෙකේම දරුවන්

උපතින්ම ගර්භාෂ දෙකක් ඇති කාන්තාවක් – ගර්භාෂ දෙකේම දරුවන්

අමෙරිකාවේ Alabama ප්‍රාන්තයේ කාන්තාවක් උපතින්ම ඉතාම දුර්ලභ ආකාරයේ ගර්භාෂ දෙකක් අතර ඇය ගර්භාෂ දෙකෙන්ම දරුවන් අපේක්ෂා කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Kelsey Hatcher නම්වූ 32 හැවිරිදි මෙම කාන්තාව uterus didelphys නමින් හැඳින්වෙන දුර්ලභ ගර්භාෂ විෂමතාවයකින් උපත ලබා තිබෙනවා.

Kelsey මහත්මිය පැවසුවේ ඇය තම ස්වාමිපුරුෂයාට ආරංචිය පැවසූ විට ඔහු මුලින් ඒ ගැන සැක කළ බවයි.

මෙම යුවළ දැනටමත් අවුරුදු 7, 4 සහ 2 වයස්වල දරුවන් තිදෙනෙකුගේ දෙමාපියන් වනවා.

පළමු ultrasound පරීක්ෂණයේදී වෛද්‍යවරුන් විසින් ඔවුන් තවත් දරුවන් දෙදෙනෙකු සිටින බව සොයා ගෙන තිබෙනවා.

Kelsey ගේ ගැබ් ගැනීමේ ව්‍යාකූල ස්වභාවය හේතුවෙන්, එය අධි අවදානම් ලෙස නම් කර තිබෙනවා.

මේ නිසාම Kelseyට අමතර රැකවරණයක් ලබා දී ඇති අතර ගර්භාෂ දෙකෙහි දරුවන් ප්‍රසූත වන වේලාවල් තුළ පැය ගණනක හෝ දින ගණනක පරතරයක් තිබිය හැකි බවයි වෛද්‍යවරුන් පෙන්වා දී ඇත්තේ.

කෙසේ වෙතත් මෙම සංකූලතා මධ්‍යයේත් ඉක්මන් සුවය සඳහා ස්වභාවික උපත් සඳහා සැලසුම් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Alabama විශ්ව විද්‍යාලයේ ප්‍රසව හා නාරිවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍ය Richard Davis පවසන්නේ,මෙය සාමාන්‍ය ප්‍රසුත කිරීමකට වඩා ටිකක් අවදානම් සහගත වන්නේ ගර්භාශ දෙකෙහිම කැපුම් සිදු කිරීමට වන නිසා බවයි.

අමෙරිකාවේ ජාතික වෛද්‍ය පුස්තකාලය මගින් කාන්තාවන් 90,000කට ආසන්න සංඛ්‍යාවක් සම්බන්ධ කරගෙන කරන ලද අධ්‍යයනයකට අනුව, සාමාන්‍ය ජනගහනයෙන් 5.5% ක් පමණ ගර්භාෂ විෂමතා ඇති අය බව හඳුනාගෙන තිබෙනවා.

වඳභාවයට පත් කාන්තාවන් සඳහා මෙම ප්‍රතිශතය 8.0% දක්වාත්, ගබ්සා වීමේ ඉතිහාසයක් ඇති අය සඳහා 13.3% දක්වාත්, ගබ්සාවීම් සහ වඳභාවය යන දෙකම අත්විඳින අය සඳහා සැලකිය යුතු ලෙස 24.5% දක්වාත් වැඩිවන බවයි එහි අධ්‍යනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

Share This