උමං මාර්ගයේ සිරවී සිටින කම්කරුවන් බේරා ගැනීමට නව මාර්ග ගවේෂණය කරයි

උමං මාර්ගයේ සිරවී සිටින කම්කරුවන් බේරා ගැනීමට නව මාර්ග ගවේෂණය කරයි

දින ගණනාවක් පුරා කඩා වැටුණු උමං මාර්ගයක සිරවී සිටින ඉන්දීය කම්කරුවන් ගලවා ගැනීමේ ප්‍රධාන සැලැස්ම විශාල ලෙස ප්‍රමාද වීමෙන් පසු උත්තරාකාන්ද් ප්‍රාන්තයේ බලධාරීන් නව ක්‍රම පිළිබඳව සහ නව මාර්ග පිළිබඳව කටයුතු කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

උමං මාර්ගයක් තුළ සිරවී සිටින ඉන්දීය කම්කරුවන් 41 දෙනා වෙත ළඟා වීමට මේ වනතුරුත් උත්සාහ කරමින් සිටින නමුත් පසුගිය සිකුරාදා විදුම් යන්ත්‍රය ක්‍රියා විරහිත වීම නිසා මෙහෙයුම් නතරවුණා .

නායයෑමක් හේතුවෙන් උමඟේ කොටසක් කඩා වැටීමෙන් පසු සති දෙකක කාලයක් සේවකයන් සිරවී සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

මෙම මෙහෙයුම ආරම්භයේ සිටම අභියෝගාත්මක වූ අතර, ප්‍රධාන වශයෙන් උමග ඇතුළතට කඩා වැටෙන ගල්, ලිහිල් පස් සහ ලෝහ පැවතීම ඊට හේතු වුණා

Share This