
උසස් පෙළ දින 3ක් වෙනස් වෙයි
පවතින අයහපත් කාලගුණ තත්වයත් අපොස උසස් පෙළ විභාගය අද (27) හෙට (28) සහ අනිද්දා (29) යන දිනයන් වල නොපවැත්වෙන බව දැනුම් දී තිබෙනවා.
ඒ වෙනුවෙන් දෙසැම්බර් 07, 08 සහ 09 යන දිනයන් විකල්ප දිනයන් ලෙස උසස් පෙළ විභාගය පැවැත්වීමටයි තීරණය කර තිබෙන්නේ.
මෙම වෙනස් කිරීමට අනුව අද පැවැත්වීමට නියමිත විෂය දෙසැම්බර් මස 07 පැවැත්වෙන අතර හෙට (28) පැවැත්වීමට නියමිතව තිබූ විෂය දෙසැම්බර් මස 08 වනදා පැවැත්වෙනවා.
එළඹෙන සෙනසුරාදා (29) පැවැත්වීමට නියමිතව තිබූ විෂය දෙසැම්බර් මස 09 වනදාත් පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ.
