උස් ප්‍රදේශවලට ජල සැපයුම බිඳ වැටිය හැකියි – බවුසර් මඟින් මුර ක්‍රමයට ජලය සැපයීමට සැලසුම්

උස් ප්‍රදේශවලට ජල සැපයුම බිඳ වැටිය හැකියි – බවුසර් මඟින් මුර ක්‍රමයට ජලය සැපයීමට සැලසුම්

දිවයිනේ මේ දිනවල පවතින අධික වියළි හා අධික උෂ්ණාධික කාලගුණික තත්ත්වය හේතුවෙන් බෙදා හැරීමේ පද්ධතියේ අඩු පීඩන තත්ත්වයක් හෝ උස් බිම් ප්‍රදේශවල ජල සැපයීම් බිඳ වැටීම් වරින්වර සිදුවිය හැකි බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා

ඒ අනුව එලෙස ජල සැපයුම දෛනිකව සැළකිය යුතු කාලයක් අඩාල වන බවත්, මණ්ඩලය මඟින් හඳුනා ගත් උස් ප්‍රදේශවල පදිංචි පාරිභෝගිකයින් සඳහා බවුසර් මඟින් සහ මුර ක්‍රමය යටතේ ජලය ලබාදීමට ද කටයුතු සලසා ඇති බවත් නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය සඳහන් කළා

මෙම තත්ත්වයන් අවම කර ගැනීම සඳහා අත්‍යවශ්‍ය දෛනික කටයුතුවලදී ජලය ඉතා අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙසත් ගෙවතු අලංකාර හා වාහන සේදීම වැනි අත්‍ය වශ්‍ය නොවන කටයුතු සඳහා නළ මඟින් ලබාදෙන පානීය ජලය භාවිතය අවම කරන ලෙසත් ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා

එමෙන්ම බෙදා හැරීමේ පද්ධතියේ ජල පීඩනය ප්‍රශස්ත මට්ටමක පවත්වා ගැනීමට හැකියාව ඇති බවත් හදිසි අවස්ථාවන්ට මුහුණදීම සඳහා පෙර සූදානමකින් සිටින ලෙසද එම මණ්ඩලය නිවේදනය කරනවා

මේ අතර ගංඟා ජලයට ලවණ ජලය මුසුවීම වැළැක්වීම සඳහා අවශ්‍ය තාවකාලික ලවණ බාධක ඉදිකිරීමට ද කටයුතු කර තිබෙනවා

Share This