
එංගලන්ත කණ්ඩායමට ලකුණු 93ක ජයක්
2023 ලෝක කුසලාන එක්දින ක්රිකට් තරගාවලියේ අද (11) පැවති 44වැනි තරගය ලකුණු 93කින් ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා.
එහි කාසියේ වාසිය දිනා දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 09ක් දැවී ලකුණු 337ක් ලබා ගත්තා
අනතුරුව ලකුණු 338ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි පාකිස්ථාන කණ්ඩායමපන්දුවාර 43යි පන්දු 03ක් අවසානයේ සියලුදෙනා දැවී ලබා ගත්තේ ලකුණු 244ක් පමණයි
තරගයේ ලකුණු සටහන පහතින්


