
එක්දින තරගාවලියේ ජය බංග්ලාදේශ කණ්ඩායමට
ශ්රී ලංකාව සහ බංග්ලාදේශ කණ්ඩායම් අතර පැවැති අවසන් එක්දින තරගය කඩුලු 4කින් ජය ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා
තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ සියලුදෙනා දැවී රැස් කර ගත හැකි වුයේ ලකුණු 235ක් පමණයි
අනතුරුව ලකුණු 236ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 40යි පන්දු 02ක් අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 237ක් ලබා ගත්තා
ඒ අනුව තරග 03 කින් සමන්විත එක්දින තරගාවලිය 2ට 1ක් ලෙස ජය ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා
තරගයේ ලකුණු සටහන පහතින්


