එක්සත් ජනපද-මෙක්සිකෝ දේශසීමාවෙන් ආ වෙනිසියුලානු සංක්‍රමණිකයන් සංඛ්‍යාව අඩකින් අඩුවෙයි

එක්සත් ජනපද-මෙක්සිකෝ දේශසීමාවෙන් ආ වෙනිසියුලානු සංක්‍රමණිකයන් සංඛ්‍යාව අඩකින් අඩුවෙයි

පසුගිය මාසයේ පිටුවහල් කිරීමේ ගුවන් ගමන් නැවත ආරම්භ කිරීමෙන් පසු එක්සත් ජනපද-මෙක්සිකෝ දේශසීමාවෙන් නීතිවිරෝධී ලෙස ඇතුළු වූ වෙනිසියුලානු ජාතිකයින්ගේ සංඛ්‍යාව අඩකින් පමණ අඩු වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා .

රේගු සහ දේශසීමා මුර සංචාරයේ (CBP) සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ එවැනි පැමිණීම්වල 46% පහත වැටීමක් .

ඔක්තෝබර් මස මුලදී, එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන්ගේ රජය සරණාගතභාවය හෝ තාවකාලික නීතිමය තත්ත්වය සඳහා නුසුදුසු වෙනිසියුලානු ජාතිකයන් පිටුවහල් කරන බව නිවේදනය කරනු ලැබුවා

එමෙන්ම මෑත වසරවලදී මිලියන හතකට වැඩි පිරිසක් වෙනිසියුලාවෙන් පලා ගොස් ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

දේශසීමා නියෝජිතයන් පසුගිය මාසයේ වෙනිසියුලානු ජාතිකයන් 29,637 ක් දේශසීමාවේ දී අත්අඩංගුවට ගත් අතර, එය සැප්තැම්බර් මාසයේ වාර්තාගත ඉහළම අගය වූ 54,833 ට වඩා තියුණු පහත වැටීමක් බවද සඳහන්

ඔක්තෝබර් 18 වන දින එක්සත් ජනපද ආගමන හා රේගු බලාත්මක කිරීම (ICE) වෙනිසියුලාව වෙත පිටුවහල් කිරීමේ ගුවන් ගමන් ආරම්භ කිරීමෙන් පසු වෙනිසියුලානු ජාතිකයන් සිය ගණනක් නිවෙස් වෙත යවා ඇති බවයි පැවසෙන්නේ

Share This