එක්සත් ජනපදයෙන් යුක්‍රේනයට ඩොලර් මිලියන 250 ක මිලිටරි ආධාර

එක්සත් ජනපදයෙන් යුක්‍රේනයට ඩොලර් මිලියන 250 ක මිලිටරි ආධාර

එක්සත් ජනපදය යුක්‍රේනයට නව ඩොලර් මිලියන 250 ක මිලිටරි ආධාර ප්‍රකාශයට පත්කර තිබෙනවා

එයට බිම් බෝම්බ සහ බාධක ඉවත් කිරීමේ උපකරණ ඇතුළත් වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ .

එමෙන්ම ගුවන් ආරක්ෂක මිසයිල, කාලතුවක්කු උණ්ඩ, සන්නාහ නාශක මිසයිල සහ කුඩා අවි උණ්ඩ මිලියන තුනකට වැඩි ප්‍රමාණයක් ද මිලිටරි ආධාර ඇතුළත් වනවා

මෙම ආධාරය යුක්‍රේනයට එරෙහිව සටන් බිමේ පවතින ආක්‍රමණශීලී යුද්ධයට එරෙහිව සටන් කිරීමට සහ එහි ජනතාව ආරක්ෂා කිරීමට උපකාරී වනු ඇති බව පෙන්ටගනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා

රුසියාවේ ආක්‍රමණය ආරම්භයේ සිට කියෙව් වෙත ඩොලර් බිලියන ගණනක් වටිනා මිලිටරි ආධාර සැපයීමට වොෂින්ටනය දායක වී ඇති බවද පැවසෙනවා

 

 

Share This