
එක්සත් ජාතීන්ගේ 20 වෙනි වෙසක් දින උත්සවය ජනපති ප්රධානත්වයෙන් වියට්නාමයේ දී
වියට්නාමයේ රාජ්ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (06) හෝ චි මිං නගරයේදී ආරම්භ වූ එක්සත් ජාතීන්ගේ 20 වෙනි වෙසක් දින උත්සවයේ ප්රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වී එහි ප්රධාන දේශනයද සිදු කළා.
“මානව ගරුත්වය සඳහා සහයෝගීතාව සහ ඉවසීම : ලෝක සාමය සහ තිරසර සංවර්ධනය සඳහා බෞද්ධ අවබෝධය” යන තේමාව යටතේ අද ආරම්භ වූ එක්සත් ජාතින්ගේ වෙසක් සැමරුම මැයි 08 වන දා දක්වා පැවැත්වේ.
ශ්රී ලංකාව, ඉන්දියාව, නේපාලය, ලාඕසය සහ කාම්බෝජය යන බෞද්ධ රටවල ඉහළ පෙළේ නියෝජිතයන්ද ඇතුළුව රටවල් සහ ප්රදේශ 85ක් නියෝජනය කරමින් 2,800ක් පමණ පිරිසක් ඊට සහභාගී වේ.
වියට්නාම් ජනාධිපති ලුඕං කුඕං (Luong Cuong) මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය 3 වැනිදා පස්වරුවේ වියට්නාමය බලා පිටත්ව ගිය අතර සංචාරය අවසන් කරමින් ජනාධිපතිවරයා අද දිවයිනට පැමිණීමට නියමිතයි.