එක්සත් ජාතීන්ගේ ආධාර ට්‍රක් රථ කිහිපයකට අද ඉන්ධන ලබා දෙන බව ඊශ්‍රායලයෙන් ප්‍රකාශයක්

එක්සත් ජාතීන්ගේ ආධාර ට්‍රක් රථ කිහිපයකට අද ඉන්ධන ලබා දෙන බව ඊශ්‍රායලයෙන් ප්‍රකාශයක්

ගාසා තීරයට ආධාර ප්‍රවාහනය කරන එක්සත් ජාතීන්ගේ ට්‍රක් රථ කිහිපයකට අද (15) ඉන්ධන ලබා දෙන බව ඊශ්‍රායල හමුදාව පවසා තිබෙනවා .

එක්සත් ජනපද පරිපාලනයේ ඉල්ලීමකින් පසුව ඊජිප්තු දේශසීමාවේ රෆා හරස් මාර්ගයෙන් ට්‍රක් රථවලට ඉන්ධන ලබා දෙන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ

මෙය අදාළ ආරක්ෂක බලධාරීන් සමග සම්බන්ධීකරණයෙන් පසුව සිදු කෙරෙන බවයි පැවසෙන්නේ

එක්සත් ජාතීන්ගේ සංවිධානය පැවසුවේ ඊයේ (14) උදෑසන සිට ඉන්ධන හිඟයක් හේතුවෙන් තම ආධාර ට්‍රක් රථවලට සැපයුම් ගෙන ඒමට නොහැකි වූ බවයි.

ගාසා තීරයේ රෝහල්, බේකරි, විදුලි ජනක යන්ත්‍ර සහ ජල පොම්පාගාර සඳහා ද ඉන්ධන අවශ්‍ය වනවා

නමුත් ඊශ්‍රායලය එය හමාස් සංවිධානය විසින් සොරකම් කළ හැකි බව පවසමින් සති ගණනාවක් බෙදා හැරීම අවහිර කර තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

Share This