එක්සත් ජාතීන්ගේ ආධාර ප්‍රථමවරට ඊශ්‍රායලයෙන් සෘජුවම ගාසා තීරයට

එක්සත් ජාතීන්ගේ ආධාර ප්‍රථමවරට ඊශ්‍රායලයෙන් සෘජුවම ගාසා තීරයට

ඊජිප්තුවේ ආධාර ට්‍රක් රථවලට ජනතාව බාධා එල්ල කර නවතා දමන බැවින් එක්සත් ජාතීන්ගේ ආධාර ප්‍රථමවරට ඊශ්‍රායලයෙන් සෘජුවම ගාසා තීරයට ඇතුළු වී තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා

එක්සත් ජාතීන්ගේ පලස්තීන සරණාගත ඒජන්සිය පවසන්නේ කුසගින්නෙන් පෙළෙන පුද්ගලයින්ට ආහාර ලබා ගැනීම සඳහා උපකාර කරන බවත්, ආධාර බෙදා හැරීම නිසි පරිදි කළ නොහැකි බවත්ය.

මේ අතර ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් ජබාලියා සරණාගත කඳවුරේ සිටි පුද්ගලයින් 90 දෙනෙකු පමණ මියගොස් ඇති බව හමාස් පාලනය යටතේ පවතින ගාසා තීරයේ සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා

එක්සත් රාජධානිය, ප්‍රංශය සහ ජර්මනිය සටන් විරාමයක් සඳහා ගෝලීය ඉල්ලීම් වේගවත් කරන බැවින් එක්සත් ජනපද ආරක්ෂක ලේකම් Lloyd Austin අද(18) ඊශ්‍රායල නිලධාරීන් හමුවීමට අපේක්ෂා කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

කෙසේවෙතත් ඊශ්‍රායල අගමැති Benjamin Netanyahu හමාස් සංවිධානය තුරන් කිරීම සහ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීම සඳහා ඊශ්‍රායලය අවසානය දක්වා සටන් කරන බවද පවසා තිබෙනවා

හමාස් සංවිධානය ඔක්තෝබර් 7 වැනි දින ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයෙන් මිනිසුන් 1,200 ක් මරා දමා 240 ක් ප්‍රාණ ඇපයට ගැනුණ අතර ඉන් සමහරක් කෙටි සටන් විරාමයක් අතරතුර නිදහස් කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරනු ලැබුවේ

හමාස් විසින් පාලනය කරනු ලබන ගාසා හි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ ගාසා යුද්ධය ආරම්භයේ සිට මේ දක්වා 18,700 කට වැඩි පිරිසක් මිය ගොස් 50,000 ක් තුවාල ලබා ඇති බවයි.

Share This