එක්සත් ජාතීන්ගේ ප්‍රධානියා ඊජිප්තුවේ රෆා හරස් මාර්ගයට

එක්සත් ජාතීන්ගේ ප්‍රධානියා ඊජිප්තුවේ රෆා හරස් මාර්ගයට

එක්සත් ජාතීන්ගේ මහලේකම් Antonio Guterres ගාසා තීරයට අපේක්ෂිත ආධාර බෙදා හැරීමට පෙර ඊජිප්තුවේ රෆා හරස් මාර්ගයට පැමිණ තිබෙනවා .

රෆා හරස් මාර්ගය හරහා ගාසා තීරයට ප්‍රථමාධාර බෙදා හැරීම හෙට දිනයේ හෝ ඊට ආසන්න දිනකදී සිදු විය යුතු බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ

එක්සත් ජාතීන්ගේ මානුෂීය ප්‍රධානී Martin Griffithsගේ ප්‍රකාශකයෙකු පැවසුවේ ගාසා තීරයේ ආධාර මෙහෙයුමක් හැකි ඉක්මනින් ආරම්භ කිරීම සහතික කිරීම සඳහා අදාළ සියලු පාර්ශ්ව සමග උසස් සාකච්ඡා පවත්වන බවයි

ආහාර, ජලය සහ ඖෂධ රැගෙන යන නමුත් ඉන්ධන නොමැතිව ට්‍රක් රථ රැසක් ඊජිප්තු දේශසීමාවේ හරස් මාර්ගයේ තිබෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .

ගාසා තීරයට රෆා දේශසීමා හරහා ඊජිප්තුවේ පැත්ත විවෘත කර ඇති නමුත් ඊශ්‍රායලය පැවසුවේ ආධාර ප්‍රවේශය තවමත් නිශ්චය කර නොමැති බවයි.

එක්සත් ජාතීන්ගේ මහලේකම් Antonio Guterres රැගත් ගුවන් යානයක් ද දේශසීමා ආසන්නයට ගොඩබස්වා ඇති අතර, ආධාර රැගත් ට්‍රක් රථ රැසකට ගාසා තීරයට ඇතුළුවීමට අවසර දෙන ලෙස ඔහු ඉල්ලා සිටිනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා

Share This