එන්න භාරතීය සිනමාව වෙනස් කරන්න… ඇමති විජිත චිත්‍රපට නිෂ්පාදකයින් පුදුම කරවයි

එන්න භාරතීය සිනමාව වෙනස් කරන්න… ඇමති විජිත චිත්‍රපට නිෂ්පාදකයින් පුදුම කරවයි

ශ්‍රී ලංකාව තුළ නව සංචාරක ව්‍යපාර සහ චිත්‍රපට ව්‍යාපෘති ගවේෂනය කිරීම සඳහා ඉන්දීය ආයෝජකයින්ට සහ චිත්‍රපට නිෂ්පාදකයින්ට ආරාධනා කරන බව විදේශ කටයුතු සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.

දෙරට අතර සංචාරක සහයෝගිතාව ශක්තිමත් කිරීම සඳහා මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් සංවිධාන කරන ලද උත්සවයකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

සංචාරක ව්‍යපාරය ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ කේන්ද්‍රස්ථානය වන අතර පසුගිය සතියේ මිලියන 2කට අධික සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණියා.

එය වසර අවසාන වන විට මිලියන 2.4 සිට 2.5 දක්වා වැඩිවෙනු ඇතැයි අපේක්‍ෂා කරන බවයි රජය පවසන්නේ.

එමෙන්ම 2030 වසර වන විට සංචාරකයින් මිලියන 4ක් සහ අමෙරිකානු ඩොලර් බිලියන 8ක ආදායමක් රජය අපේක්‍ෂා කරනවා.

එවන් පසුබිමක ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සංචාරක සහයෝගිතාව ශක්තිමත් කිරීමේ අරමුණින් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් උත්සවයක්ද සංවිධාන කර තිබුණා.

ඒ විදේශ කටයුතු සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන්.

– උණුසුම් පුවත් ඔබගේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ඔබේ ඩයලොග් දුරකථනයෙන් REG හිස්තැනක් LIVE ලෙස TYPE කර 678 ට SMS කරන්න.
– ඉංග්‍රීසි භාෂාවෙන් පුවත් ගෙන්වා ගැනීමට ඔබේ ඩයලොග් දුරකථනයෙන් REG හිස්තැනක් ELIVE ලෙස TYPE කර 678 ට SMS කරන්න

Share This